Saturday, April 9, 2022

 උස පැනීම හා කවපෙත්ත විසි කිරීම යන තරගවලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලැබූ දරුවන්

 ගුරු ගීතය

තක්ෂලාවේ දැනුම ගොනු කර අලෙවියට සල්පිල්වල එලා
දහස දෙදහස ගැනුම් කරුවන් ලාභ නැත ගැනුමට හිත පුරා
අතටපත් කර ගෙනත් පිදුමට බෑ මාපියන් අසරණ වෙලා
සල්පිල් දෙස යොමා දෙනුවන් මනනුවන් කඳුළින් පෙරා

හීන දහසක් හිත පුරා නෙතට නිදි නැති අන්ධකාරේ
හීන දකිනට සකි සඳකි ඔබ පිදුරු සෙවිකල ගෙදර වහලේ
නිශායාමය එකළු කල සඳ ගෙපැල අභියස අංගනේ
සඳේ ඔබමයි මගේ දිවියම එළිය කරනා කුමරුනේ

රුවැති පබවති නැණැති රුවනැති ළදුන් කවුරුත් එක ලෙසේ
ඇදුරු තුරුළේ සෙනෙහෙ ලැබුවේ දැනුම ලැබුමට නව ලොවේ
එදත් කවදත් හෙටත් හැමදත් සඳ කිරණ නැත අඩු වුණේ
ඔබම පමණක් නොවේ ළදුනේ සඳේ කිරණින් නැහැවුණේ

    වැලිපත සුමනරතන හිමි

Friday, April 8, 2022

 ආදරණීය දූ දරුවනි, ආදි ශිෂ්‍ය ශිෂ්‍යයවනි, දෙමාපියනි, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මියනි,

         අනුස්මරණීය ඉතිහාසයක් ඇති පාසලක් ලෙස කල්තොට රෝහණ විද්‍යාලය හිමි කරගෙන ඇති නාමය ඉතා ප්‍රශංසනීයය. අතීතයේ සිට මේ දක්වා මෙහි සිටි හා සිටින සියලු දෙනාගේ කැපවීම මත මෙම තත්වය ලබා ගැනීමට  හැකියාව ලැබී තිබීම අප කාගෙත් ගෞරවයට ලක් විය යුතු කරුණකි. අතීතයෙන් ලැබුණු පන්නරය ශක්තියක් බවට පත් කර ගනිමින් දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට අප සූදානම් ය. ඔබ ද ඒ සඳහා සූදානමෙන් ඇතැයි අපි සිතන්නෙමු.

         2021 වර්ෂයේ රටම ව්‍යසනයකට පත් වී සිටි අවස්ථාවේ දී ලංකාවේ පාසල් දරුවන්ට ප්‍රථම සජීවි you tube පාසල ගෙන ආ අපි ඔබට තවත් අලුත් අත්දැකීමක් ගෙන එන්නට අපේක්ෂා කරමු. විවිධ ක්ෂේත්‍රවල හැකියාවන් හා දක්ෂතාවන් ඇති සියලු දෙනා වෙත ම අවදානය යොමු කරමින් ඔබගේ හැකියාව රටට නොව ලෝකයට ම පෙන්වීමට අපි වේදිකාවක් තනන්නෙමු. එහි රඟ දැක්වීමට කාලය එළඹ ඇත. ඔබ දක්ෂ කුමන ක්ෂේත්‍රයකට ද යන්න අපට අදාළ නැත. අපි අගය කරනු ලබන්නේ ඔබගේ දක්ෂතාව පමණි. ඒ නිසා අපත් සමඟ එකතු වන්න.

         ඔබගේ නෑම  ආකාරයක නිර්මාණයක් එළි දැක්වීමට අප සූදානම් ය. ඒ සඳහා දැනටමත් සයිබර් අවකාශයේ ඉඩ අප වෙන් කරගෙන ඇත. ඔබ කළ යුත්තේ ඔබගේ නිර්මාණ අප වෙත යොමු කිරීම පමණි. ඔබගේ නිර්මාණ ප්‍රසිද්ධ කරනවා පමණක් නොව අන් අයගේ නිර්මාණ රසවිඳීමට ද මෙහි ඉඩකඩ ඇත. දැනුම බෙදා හදා ගෙන ශක්තිමත් වීම අප කාගෙත් යුතුකමය. ඒ සඳහා අපගේ blog අඩවිය ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කරමු.

2022 අප්‍රේල් මස 08දා මෙය ප්‍රසිද්ධ කරමු.

                                                            විදුහල්පති 

                                        වැලිපත සුමනරතන හිමි

Tuesday, April 5, 2022

අප ගැන

මෙම බ්ලොග් අඩවිය කල්තොට ප්‍රදේශයේ සිසු සිසුවියන්ගේ හා ගුරුවර ගුරුවරියන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහාත්, කල්තොට රෝහණ විද්‍යාලයේ පැවැත්වෙන විවිධ ක්‍රියාකාරකම්, සම්මන්ත්‍රණ ආදිය පිළිබඳව දැනුම් දීම සඳහාත් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවියකි. 

ඔබත් කල්තොට රෝහණ විද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවක්, ගුරුවරයෙක්/ගුරුවරියක් නම් ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් මෙම බ්ලොග් පිටුවට එක් කර ගන්නට අමතක කරන්න එපා. 










you tube පාසල video