Saturday, April 9, 2022

 ගුරු ගීතය

තක්ෂලාවේ දැනුම ගොනු කර අලෙවියට සල්පිල්වල එලා
දහස දෙදහස ගැනුම් කරුවන් ලාභ නැත ගැනුමට හිත පුරා
අතටපත් කර ගෙනත් පිදුමට බෑ මාපියන් අසරණ වෙලා
සල්පිල් දෙස යොමා දෙනුවන් මනනුවන් කඳුළින් පෙරා

හීන දහසක් හිත පුරා නෙතට නිදි නැති අන්ධකාරේ
හීන දකිනට සකි සඳකි ඔබ පිදුරු සෙවිකල ගෙදර වහලේ
නිශායාමය එකළු කල සඳ ගෙපැල අභියස අංගනේ
සඳේ ඔබමයි මගේ දිවියම එළිය කරනා කුමරුනේ

රුවැති පබවති නැණැති රුවනැති ළදුන් කවුරුත් එක ලෙසේ
ඇදුරු තුරුළේ සෙනෙහෙ ලැබුවේ දැනුම ලැබුමට නව ලොවේ
එදත් කවදත් හෙටත් හැමදත් සඳ කිරණ නැත අඩු වුණේ
ඔබම පමණක් නොවේ ළදුනේ සඳේ කිරණින් නැහැවුණේ

    වැලිපත සුමනරතන හිමි

No comments:

Post a Comment

you tube පාසල video